ඩුබායි සුද්දාට වසර 5ක අත්හිටවූ සිරදඩුවමක්
සංචාරක වීසා මගින් ඩුබායි රටේ විදේශ රැකියා ජාවාරම සිදු කරන ලද ඩුබායි සුද්දා නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්රියදර්ශන යන අයට විරුද්ධව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුලියාපිටිය මහේස්ත්රාත් අධීකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් 2026.10.13 වන දින මෙම සැකකරුට රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කරමින් වසර 5 ක අත්හිටුවන ලද සිරදඩුවමක් මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරන ලදී. එසේම අගතියට පත් පැමිණිලි පාර්ශව වෙත රුපියල් ලක්ෂ 7 ක මුදලක් ගෙවීමට නියම කර අතර එම මුදල අධිකරණයේ තැන්පත් කිරීමට ද නියෝග කර තිබේ.
ඩුබායි රාජ්යෙය් රැකියා ලබා දෙන බවට පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබා ගෙන පොරොන්දු වු පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුව ගැනීම සිදු කරන ලදී.
සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර, කඩුවෙල ප්රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුව ගැනිණී.
සැකකරු බුලත්සිංහල ප්රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙකු වන අතර, සමාජ මාධ්ය උපයෝගි කරගනිමින් මෙම ජවාරම මෙහෙයවා තිබේ.
විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කිරීමට අදාළව මෙම සැකකරුට එරෙහිව වැලිසර අධිකරණයේ හා කඩුවෙල අධිකරණයේ ද මේ හා සමාන නඩු පවරා තිබේ.
සංචාරක වීසා මගින් විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කරන ජාවාරම්කරුවන් පිලිබද ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට තවදුරටත් දන්වා සිටී.
එවැනි පැමිණිලි ලැබුනහොත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 අංකයට හෝ 0112882229 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට තවදුරටත් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

