ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් අතිසුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඊයේ (10දා) රාත්‍රියේ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
ෙඑම මෝටර් රථද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් ඒවා බවට මේ වනවිට අනාවරණ වී ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවසීය.ෙ
එසේම මීට දින කිහිපයකට ඉහතදී ශිරාන් බාසික් නමැත්තාට අයත් වැල්ලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී අවන්හලක්ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තහනමට ලක් කෙරිණි.
ශිරාන් බාසික් නමැත්තාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එම මෝටර් රථ දෙක සොයා ගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බවද පොලීසිය සඳහන් කරයි.
මෝටර් රථ දෙකෙන් එකක් කොළඹ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයකට විකිණීම සඳහා බාරදී තිබියදී සහ අනෙක් මෝටර් රථය කොළඹ ප්‍රදේශයේම නිවසක සඟවා තිබියදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.