ඩුබායි සිටි අපරාධකරුවන් තිදෙනෙක් ගෙනෙයි, කාන්තාවකුත් ඒ අතර
ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන 01/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ 01/16 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔවුන් අතර 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය , ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අනෙක් පුද්ගලයා කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා වන අතර කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වන්නෙකි .
මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම , කප්පම් ගැනීම , මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් වේ .
මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා ද මෙසේ අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔවුන් තිදෙනා 01/16 දින උදෑසන 06.50 ට රවීන් චමින්ද බස්නාහිර උතුර පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට , රසික සංජීව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සහ නිශාමනී ද සිල්වා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

