ඩුබායි සිට බ්‍රිස්බේන් යන්න ගිය ගුවන් යානය හදිසියේ කටුනායකට ගොඩබායි
ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත 11/20 දින රාත්‍රී හදිසි ගොඩබැස්සවීමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ මෙම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වූ නිසා , ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබූ මෙම ගුවන් යානය 11/20 දින රාත්‍රී 07.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබේ .
ගුවන් මගියා ගුවන් යානයෙන් පිටතට ගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල් ගත කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත්තේය. ඉන්පසු මෙම ගුවන් යානය ආපසු ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

