ඇ. ඩො. මිලි. 500ක ඉන්දියානු මූල්‍ය සහයෝගයක් යටතේ ශ්‍රී ලංකාවට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අද (02දා) ඉන්දීය මහ කොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට භාර දෙන ලදී.
මෙම මූල්‍ය සහයෝගය යටතේ ලබාදෙන සිව්වන ඉන්ධන තොගය මෙය වන අතර පසුගිය දින 50ක කාලය තුළ ඉන්දියාවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සපයන ලද ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200,000ක් පමණ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.