ඩීසල් නොමැති වීම හේතුවෙන් රන්න වාඩිගල ඉන්ධන පිරවුම්හල අසලදී පාරිභෝගිකයෝ පිරිසක් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (02දා) දහවල් විරෝධතාවයේ නිරත වූහ.
සිය ගොවිතැන් කටයුතු සඳහා සහ රථවාහනවලට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් මෙලෙස ගම්වාසීහු ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වූහ. විරෝධතාකරුවන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය රන්න වාඩිගල ඉන්ධන පිරවුම්හල අසලදී අවහිර කළ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය. කටු ඉති, කෑන් ආදිය ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි දැමීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිර වී තිබිණි.
පැය බාගයක පමණ කාලයක් විරෝධතාව පැවැති අතර හුංගම පොලිස් ස්ථානයේ නිලධාරිහු පැමිණ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළහ.
අනීෂා මානගේ



