ඩීසල් ඉල්ලා ගොඩකවෙල පිරවුම්හලට පැමිණි ප්‍රදේශයේ ජනතාව අද (02දා) ඉන්ධන පිරවුම්හලේ කලමණාකරු සහ සේවකයින් සමග ඇති නොසන්සුන්තාවය පොලිසිය මැදිහත් වී සමථයකට පත්කල බව ගොඩකවෙල පොලිසිය පවසයි.
රටපුරා පවතින ඩීසල් හිගය හෙතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ඉන්ධන පිරවුම්හලේ ඇති වු නොසන්සුන්තාවය හෙතුවෙන් ගොඩකවෙල පොලිසිය එම ස්ථානයට පැමිණ එහි කලමණාකරු සහ පාරිභොගිකයන් සමග සකච්ඡා කර පිරවුම්හලේ ඇති ඩීසල් ප්‍රමාණය එක් පාරිභොගිකයෙකුට රුපියල් දෙදහස බැගින් ඩීසල් ලබාදිමට කටයුතු කලේය.
කෙසේ නමුත් ඩීසල් ලබා ගැනිමට බුලි සහ රථවාහන දිගු පොලිමක් දක්නට ලැබුණත් එම සියලු දෙනා වෙත ඩිසල් ලබාදිමට පිරවුම්හලට නොහැකි විය. ඩිසල් ලබා ගැනිමට පැමිණ සිටි පිරිස රජයට සහ ඉන්ධන පිරවුම්හලට පරුෂ වචනයෙන් බැණමින් සිටින අයුරු දක්නට ලැබිණ. මේ හෙතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුහ. ජනතාව පවසා සිටින්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලිමට නොහැකි රජයක් පත්විම නිසා කොරරොනා උවදුරෙන් බැට කෑ ජනතාව දැන් කබලෙන් ලිපිට ඇද වැටි ඇති බවයි.
ගොඩකවෙල ඩබ් ඒ පියතිලක



