ඩීඑම්ටී සේවා ගැන පැමිණිලි කියන්න අංකයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව සදහන් කරයි.
මිට අමතරව දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති යෝජනා හා පැමිණිලි ලබා ගන්නා පෙට්ටි වලටද අදාළ පැමිණිලි යොමු කිරීමට සේවාලාභීන්ට අවස්ථාව හිමිවන බවද පෙන්වා දෙයි.
අල්ලස හා දූෂණය ලංකාවෙන් තුරන් කිරීම රජයේ අරමුණු වි තිබෙන නිසා එම අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා . එහි එක් පියවරක් ලෙසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ද අභ්‍යන්තර කටයුතු ඒකකයක් ඊයේ ස්ථාපිත කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවාලාභීන්ගේ කාලය හා මුදල් නාස්තිය වැළැක්වීම මෙන්ම ඔවුන්ට ප්‍රියශීලී වටපිටාවක් නිර්මාණය කිරීම තුළ සේවා සැපයුම තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන බවද සදහන් කරයි.
ඒ මෙම ඒකකය පිහිටුවීමේ තවත් අරමුණක් වි තිබෙන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි ලබා ගැනීමට මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමය. මෙහිදී මහජන පැමිණිලි ලබා ගැනීමට මෙන්ම මහජන අදහස් යෝජනා විශ්ලේෂණය කර ඒ සම්බන්ධව කඩිනම් පියවර ගැනීම ද මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

