මාතර පොලිස් වසමේ මාතර තංගල්ල මාර්ගයේ රස්සන්දෙනිය ප්රදේශයේදී මාතර දෙස සිට දෙවිනුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් එම දෙසටම ධාවනය වූ කාර් රථයකට ඉස්සර කිරීමට යාමේදී කාර් රථයේ ගැටී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී 2026.07.19 දින සවස අනතුරක් සිදුව ඇත.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු ඇතුළු එහි ගමන් ගත් 06 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 33 හා 36 වයස්වල පසු වූ මාතර ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
ලොරි රථයේ හා කාර් රථයේ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.