තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊයේ (25දා) රාත්රී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය මීතොටමුල්ල කලංසූරිය පටුමග පදිංචිව සිටි ප්රකාස් තිළිණ කුමාර 34 නමැති අයයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සමාජ ක්රියාකාරිකයකු වූ ඩෑන් ප්රියසාද් යන අයගේ සහෝදරයා බවත් පොලිසිය කියයි.
පුරුද්දක් ලෙස මිතුරන් සමග ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සවස් කාලයට නිරතුරුවම රැඳී සිටින ඝාතනයට ලක්වූ පුද්ගලයා තියුණු ආයුධවලින් පුද්ගලයන් කීපදෙනෙකු කීප දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණ ඇප මත සිටින්නෙකු බවත් පොලිසිය කියයි.
සෑම මසකම අවසන් ඉරුදින වැල්ලම්පිටිය පොලිසියේ අධිකරණ නියෝග මත පෙනී සිටින චූදිතයෙක් බවත් පොලිස් නිළධාරියෙකු පැවසීය
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත් අත් අඩංගුවට ගෙන නොමැත.
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ඉන්දික මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විරාජ් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.