පුත්තලම තරුණ ව්‍යාපාරය ප්‍රදේශයේ ඩෝසර් යන්ත්‍රයකින් කැපු ගැඹුරු වළක දිය නාමින් සිටි 11 හැවිරිදි දරුවකු අද (23දා) දින දහවල් දියේ ගිලී මරණයට පත්ව ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය වේලාසිය විද්‍යාලයේ මෙවර 5 ශ්‍රේණියේ ශීෂ්‍යත්වය විභාගයට පෙනි සිටි 11 හැවිරිදි අවිෂ්ක ඳදරුවන් රාජපක්ෂ නැමති කිවුල තරුණ ව්‍යාපාරය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
මරණයට පත් දරුවා තවත් යහළුවන් දෙදෙනෙකු සමග 23 දින උදෑසන තම මවගේ පියා ( සීයා ) සමග ඔහු මුරකාර සේවයේ යෙදි සිටින පුද්ගලික ඉඩමකට ගොස් ඇති බවත් එහිදි අදාළ ඉඩමේ ඩෝසර් වලින් කැපු වළකින් දිය නාමින් සිටියදි මෙසේ ගිලී ඇති බවත් කියයි.
හිරාන් ජයසිංහ