යාපනය දිස්ත්‍රික්කයට ඊයේ (15දා) දිනය පුරා සහ අද (16දා) හැමූ සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතර, මුහුද රළු වීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යෑමට සිදුව තිබේ.
ඊයේ සවස ඇති වූ සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි නිවාස 17කට පමණ දැඩි හානි සිදුව ඇති බවට යාපනය ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.
සුළං තත්ත්වය හේතුවෙන් මුහුද රළුවීම නිසාවෙන් යාපනයේ ධීවරයන් ඊයේ(15දා) දිනය පුරා මුහුදු ගමන්වලින්වලින් වැළකී සිටි අතර, දූපත් අතර සිදු වූ මුහුදු ගමන්ද සම්පූර්ණයෙන්ම නැවත්වීමට සිදු වී තිබුණි.
දූපත් අතර සිදුවූ මුහුදු ගමන් වැළකීම හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් ඩෙල්ෆ් දූපතේ පිහිටා තිබූ බැවින් එහි සිසුන්ට ඊයේ සහ අද ලබාදීමට තිබූ ප්‍රශ්න පත්‍ර ලබාදීමට හැකියාවක් නොමැති වූ අතර, යාපනය පළාත් අධ්‍යාපන බලධාරීන් ඒ බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හරහා ගුවන් හමුදාවට අදාළ ගැටලුව දැනුම්දී තිබේ.
අනතුරුව ගුවන් හමුදාව විසින් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකින් උසස්පෙල ප්‍රශ්න පත්‍ර ඩෙල්ෆ් දූපතට රැගෙන ගොස් අධ්‍යාපන නිලධාරීන් වෙතට භාර දීමට පියවර ගෙන ඇති අතර, සිසුන් ගැටලුවක් නොමැතිව විභාගයට පෙනී සිට තිබේ.