ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව ලැබුණු පැමිණිල්ල විභාග කිරීම පොලිස්පතිවරයා විසින් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ ඩිලන්ත මාලගමුව මහතා ජූලි 04 වැනි දින පොලිස්පති සහන මැදිරියට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් පදනම් කරගෙනය.
නාවලපිටිය ප්‍රදේශයේ තේ අක්කර 965ක් ඩිලන්ත මාලගමුව මහතා විසින් බදු ලබාගෙන තිබෙන අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් මරණ තර්ජන එල්ල වී තිබූ බවටද වාර්තා වේ. අදාළ පැමිණිල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.