ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ ඩයස්පෝරා සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මේ අනුව ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිල කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයේ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.