ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම සහ හුවාවේ ටෙක්නොලොජීස් ලංකා සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.
අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්රණ පහසුකම් මගින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය ජාතික ඒකාබද්ධ ඊ-සෞඛ්‍ය පද්ධතියක් සමඟ සක්‍රිය කරමින් දුරස්ථව සිට සම්බන්ධවිය හැකි තාක්ෂණික පහසුකම් හරහා මධ්‍යගත සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය තොරතුරු සේවාවන් සහ සෞඛ්‍ය අධ්‍යාපන සේවාවන් ලබාදීමට සහාය දක්වයි.
මෙම සහයෝගීතාවය හරහා ප්රතිකාරක සහ පුනරුත්ථාපන සත්කාර, දුරස්ථ විශේෂඥ වෛද්‍ය උපදේශන, සෞඛ්‍ය තොරතුරු සේවා, වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සහ සජීවී වීඩියෝ සම්මන්ත්රණ වැනි විදුලි සංදේශ සහ ඩිජිටල් සන්නිවේදන තාක්ෂණ හරහා ක්ෂේත්‍ර නිලධාරීන්ට තමන් සිටින ස්ථානයේ සිට සම්බන්ධවීමේ හැකියාවට අවස්ථාව ලැබේ.
තාක්ෂණය හරහා කලාප අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම තුළින් දුර බැහැර පළාත්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය උපදෙස් ප්‍රධාන රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන් හරහා රෝගියා ස්ථාන මාරුවකින් තොරව ලබාගැනීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.