රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මිට පෙර ඇයට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 දා නියෝගයක් නිකුත් කළේය. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට ඇයට එරෙහිව විභාග වන නඩුව අද අධිකරණයට කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.