ඩයගම රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි
ඩයගම ප්‍රාදේශීය රෝහල තුල පුද්ගලයෙකු කලහාකාරි ලෙස හැසිරි එම රෝහලේ ගිලන්රථ රියදුරාට පහර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් දින 03ක් තිස්සේ වසා දමා තිබූ එම රෝහලේ ප්‍රතිකාර කටයුතු (24) දින සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිනි මෙනූෂා වැලිකන්ද මහත්මිය පැවසීය.
ඉකුත් 20 වන දින තුවාල කරුවෙකු රැගෙන රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝගියාට ප්‍රතිකාර කිරිමට ප්‍රමාද වූ බවට චෝදනා කරමින් රෝහල තුල කලහකාරි ලෙස හැසිරි එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහර දීමේ සිද්ධිය පදනම් කරගෙන රෝහලට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් එම රෝහලේ සේවය කරන දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරිය ඇතුලු තවත් වෛද්‍යවරියක් රජයේ වෛද්‍ය නිළධාරිවරුන්ගේ සංගමයේ උපදෙස් පරිදි සේවා කටයුතු වලින් ඉකුත් (20) වන දින සිට (24) දින දක්වා බැහැරව සිටින ලදි.
රෝහල තුල කලහාකාරි ලෙස හැසිරි ගිලන් රථ රියදුරාට පහර දුන්නේ යැයි කියන සැකකරු ඩයගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු ඇප මත මුදාහැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව (24) දින රෝහලේ දෛනික සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබයි.
ඩයගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එච්.හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එම සිද්ධයත් සමග රෝහලට දිවා රාත්‍රි දෙකේම පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

