ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් කොළඹ , මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58, 40 සහ 18 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් පිරිසකි .
ඔවුන් අද දින අලුයම 3.30 ට සාජා නුවර සිට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයට අයත් ජී.- 9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව මෙම පිරිස ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ එයින් පිටව යමින් සිටියදී , ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ සඟවා ගෙන තිබූ " ටොප් මවුන්ටන් " වර්ගයේ රුපියල් 3,894,000 ක් වටිනා , දුම්වැටි 70,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 354 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .