නව ලොවට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස හෝ https://egenuma.moe.gov.lk වෙබ් සබැඳිය වෙත සෘජුව පිවිසී රටේ අධ්‍යාපනය සකස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔබ සතු යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
පූජ්‍ය පක්ෂය, අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මහජන නියෝජිතයන්, දෙමව්පියන්, ශිෂ්‍යයින්, ආදිශිෂ්‍යයින්, විවිධ වෘත්තීකයින් හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් නියෝජනය කරන්නෙකුට පුද්ගලික ව හෝ සාමූහික ව මේ සඳහා සහභාගී විය හැකි අතර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අදහස් හෝ යෝජනා ඉදිරිපත් කළ හැකිය.
අනාගත පරපුර වෙනුවෙන් රටේ අධ්‍යාපනය වඩාත් ගුණාත්මක ව හා ඵලදායී ව සංවර්ධනය කරනු පිණිස ඔබට පැවරෙන ජාතික වගකීමක් සහ භාරදූර යුතුකමක් ලෙස සලකා මේ සද්කාර්යයට එක්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.