ඩිජිටල් ගනුදෙනු සදහා ජාත්‍යන්තර ප්‍රමිතින් අනුගමනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පොදුරාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරුන් ගේ අතථ්‍ය රැස්වීම අමතමින් ඊයේ සදහන් කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් සහ එක්සත් රාජධානියේ පළමු රාජ්‍ය ලේකමි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩොමිනික් රාබ් මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.
“ කොවිඩ්-19 එන්නත සඳහා විශ්වීය ප්‍රවේශය වෙනුවෙන් පහසුකම් සැලසීමට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය උත්සාහ දැරිය යුතු වන අතර, එවැනි එන්නිනතක් නිපදවීමෙන්ද පසුව එය මූලික පොදු යහපතක් ලෙස නම් කළ යුතු වන අතර, සියල්ලන්ටම දැරිය හැකි මිලකට එම එන්නත ලබා ගත හැකි විය යුතුය. ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සමඟ සමීපව කටයුතු කරන අතර, එහි අත්දැකීම් සහ විශිෂ්ඨ පරිචයන් සාමාජික රටවල් සමඟ බෙදාහදා ගන්නෙමු.
කොවිඩ්-19 හා සම්බන්ධ අඛණ්ඩ පර්යේෂණවල දී සහාය වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල දැනට පවතින විද්‍යාත්මක හා තාක්ෂණික විශේෂඥතාව සහ දැනුම එක්රැස් කළ යුතුයැයි අපි යෝජනා කරන්නෙමු.
මෙම වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින හා කුඩා රාජ්‍යයන් මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික හා ණය අර්බුද පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින අතර, මෙම අර්බුදය හේතුවෙන් ඇති වන අහිතකර ආර්ථික හා සමාජීය බලපෑම ලිහිල් කිරීම පිණිස ණය සහන, ණය ආපසු ගෙවීම විලම්බනය කිරීම සහ මූල්‍ය උත්තේජනය සඳහා වන හදිසි අවශ්‍යතාවයන් සඳහා සහාය දක්වයි.
අපි කෙටිකාලීන හදිසි ක්‍රියාමාර්ග සහ තවදුරටත් මධ්‍ය කාලීන ස්ථාවරකරණ පියවරයන් ඉල්ලා සිටින අතර, සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ හැකිවන තෙක් අවශ්‍ය සහන ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින ගෝලීය ඉල්ලීම් හා සම්බන්ධ වන්නෙමු.
නොවැළැක්විය හැකි ලෙස, ඊ-වාණිජ්‍යය සහ ඊ-පාලනය පශ්චාත් කොවිඩ්-19 ලෝකයේ රටවල තරඟකාරීත්වය නිර්වචනය කරනු ඇති අතර, විවේකය හා සංචාරක කටයුතු ආශ්රිත කර්මාන්ත ද එවැනි වේදිකා මගින් මෙහෙයවනු ලබනු ඇත. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාව 2020 මාර්තු මාසයේ දී සිය පළමු අන්තර්ජාල තේ වෙන්දේසිය ඩිජිටල් වේදිකාවක් හරහා පැවැත්වීය.
තවත් ප්‍රධාන කෘෂිකාර්මික අපනයනයක් වන පොල් ද, 2020 අප්‍රේල් 9 වැනි දින අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන ලදී. දැනටමත්, ඩිජිටල් ගනුදෙනු සඳහා ජාත්‍යන්තර ප්රමිතීන් අනුගමනය කළ දකුණු ආසියාවේ පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි.
රට මඟින් මෙහෙයවනු ලබන පොකුරුවලින් සිදුකෙරෙන කාර්යයන් සඳහා යළි ප්‍රමුඛතාවය දීම පොදුරාජ්‍ය මණ්ඩලයීය සම්බන්ධකතා න්‍යාය පත්‍රය යටතේ කාලෝචිත පියවර ගැනීම අපි සාදරයෙන් පිළිගන්නා අතර, විශේෂයෙන් වෙළඳාම සහ ආයෝජන ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික මෙවලම් භාවිතා කිරීම සම්බන්ධයෙන්, එම පොකුරු මඟින් මෙහෙයවනු ලබන වැඩ කටයුතු පිළිබඳව අපේක්ෂා සහගතව සිටින්නෙමු.”