ජපානයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ද්විතයක් වනටොයෝටා සහ හොන්ඩා සමාගම් දශක කිහිපයකට පසුව තම සේවකයන් වෙනුවෙන් විශාලතම වැටුප් වර්ධකය ලබාදීම වෙනුවෙන් සූදානම් බව ජාත්‍යන්තර මාධය තොරතුරු වාර්තා කරයි.
මේ අනුව ලෝකයේ විශාලම මෝටර් වාහන නිෂාපාදකයා වන ටොයෝටා සමාගම බදාදා සඳහන්කර ඇත්තේ දශක දෙකකට පසුව ලබාදෙන විශාලම වැටුප් වැඩිවීම වෙනුවෙන් පළමු වටයේ සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණි බවයි.
කෙසේවෙතත් වැටුප් වැඩිවන ප්‍රතිශතය පිළිබඳව සඳහනක් නොවේ. ඉන්අනතුරුව හොන්ඩා සමාගම නිවේදනය කළේ වසර 30 ක පමණ කාලයකට පසුව තම සේවකයන්ගේ මූලික වැටුප වෙනුවෙන් ලබාදෙන් වැඩිම ප්‍රතිශතාංක වැටුප් වැඩිවීම ලබාදෙන බවත් ඒ අනුව තම සේවකයන්ගේ මූලික වැටුප සියයට 5කින් වැඩි කරන බවත්ය.
මේ වන විට ජපානය තුළ උද්ධමනය ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් ජනතාව අතර යම් විවේචනයක්ද එල්ල වී තිබේ.