ටොන් 690ක ආධාර තොගයක් ජර්මනියෙන් හා ලක්ෂම්බර්ග්වලින් එයි
කිලෝ ග්‍රෑම් 69,000 ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 12/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් තිබුණි.
මේවා රැගත් බෝයිං - 747 - 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 12/17 දින අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

