"මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස කියන්නෙ" යැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කිය.
ඔහු මේ බව ප්රකාශ කලේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පානදුරදී පැවැත්වූ රැලියකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු. මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස.පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා හැබැයි මොකක්ද වෙන්නේ ඔහු කියනවා අපි මේ අවුරුද්දේ ඡන්දෙ තියන්නේ නෑ කියලා."