ටින් මාලු නිශ්පාදනයෙන් ලංකාව ස්වයංපෝෂිත වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව දෛනිකව අවශ්‍යවන ටින් මාලු කෑන් 275000ක ප්‍රමාණය මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවද ඔහු පැවැසීය.
2020 වසරේදී ශ්‍රී ලංකාවේ දෛනිකව නිපදවා තිබුණ ටින් මාලු කෑන් ප්‍රමාණය 90000ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2019 වසරේදී ටින් මාලු මෙට්‍රික් ටොන් 36 806ක් ආයනය සඳහා රුපියල් බිලියන 13.6ක් වැය කළ බවත් 2020 වසරේදී ටින් මාලු මෙට්‍රික් ටොන් 26 044ක් ආනයනය කිරීමට රුපියල් බිලියන 10.76ක් වැය කළ බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් 2021 වසර වන විට එම අගය මෙට්‍රික් ටොන් 8758ක් ආනයනය කළ බවත් ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් බිලියන 4.8ක් පමණක් බවත් ඔහු පැවැසීය.