ට්රැක් රථයක ගැටුණු පොලිස් සැරයන්වරයෙකු මරුට
පොළොන්නරුව හබරණ ප්රධාන මාර්ගයේ ජයන්තිපුර නගරයට ආසන්නයේ දී (10) පස්වරුවේ දි යුද හමුදා ට්රක් රථයක් යතුරු පැදියක් ගැටිමෙන් සිදු වු රිය අනතුරකිනන් යතුරු පැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව පොලීසියේ රාජකාරී කළ කන්තලේ,ගන්තලාව, ප්රදේශයේ පදිංචිව සිටි දිවිකොටුවේ හේරත් මුදියන්සේලාගේ රංජිත් ප්රියන්ත නැමැති 51 හැවිරිදි තිදරු පියෙකි.
යුද හමුදා ට්රක් රථය මින්නේරිය දෙස සිට පොළොන්නරුව දෙසට ගමන් ගනිමින් තිබී ඇති අතර පොලිස් සැරයන්වරයා සිය සේවා ස්ථානයේ සිට රාජකාරී කටයුත්තක් සඳහා පොළොන්නරුව, නවනගරයට ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මියගිය පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(11)දිනයේ පොළොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
යතුරු පැදියේ ගැටුණු යුද හමුදා ට්රක් රථය පැදවූ බව කියන හමුදා සෙබළකු වන රියැදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර පරික්ෂණ මින්නේරිය පොලිසිය පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

