ට්‍රම්ප් තම බදු තීරණයක් රිවස් කරයි
කෝපි, කෙසෙල් සහ හරක් මස් ඇතුළු ආහාර නිෂ්පාදන රැසකට ඇමෙරිකානු ජනපතිවරයා මිට පෙර පැනවූ දැඩි තීරු බදු සීමා ඉවත් කිරීමට අදාළව නව විධායක නියෝගයකට අත්සන් කර තිබේ.
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග ට්‍රම්ප් පරිපාලනයට මුහුණ දීමට සිදුව ඇති පිඩනය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ජීවන වියදම වැඩිවිම සම්බන්ධයෙන් මිට පෙර ට්‍රම්ප් කිසිවක් ගණන් නොගත්තද පසුගිය සතියේ මැතිවරණවලදී ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ දුර්වල ක්‍රියාකාරිත්වයෙන් පසුව ඔහු මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කර ඇත.
ධවල මන්දිරයේ නිදහස් කිරීම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති නිෂ්පාදන රාශියක් ඇතුළට අලිගැට පේර සහ තක්කාලි සිට පොල් සහ අඹ දක්වා බොහෝ ආහාර ද්‍රව්‍ය ඇතුළත් වෙයි.
ට්‍රම්ප් පරිපාලනය පැවසුවේ මෙම භාණ්ඩ දේශීය වශයෙන් ප්‍රමාණවත් ප්‍රමාණයකින් නිෂ්පාදනය කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
බදු නිදහස් කර ඇති ලැයිස්තුව
කෝපි, කොකෝවා, කළු තේ, හරිත තේ, වැනිලා බෝංචි, හරක් මස් නිෂ්පාදන, අකායි, අලිගැට පේර, කෙසෙල්, පොල්, පේර, දෙහි, දොඩම්, අඹ, අන්නාසි, විවිධ ගම්මිරිස් සහ තක්කාලි ඇතුළු පලතුරු සුවඳ ගම්මිරිස්, බේ කොළ, එනසාල්, කුරුඳු, කරාබුනැටි, කොත්තමල්ලි ඇට, දුරු ඇට, කරපිංචා, මහදුරු ඇට, ඉඟුරු, සාදික්කා, ඔරිගානෝ, පැපිරා, කුංකුම සහ කහ ඇතුළු කුළුබඩු
බාර්ලි, බ්‍රසීල ඇට, කේපර්, කජු, චෙස්නට්, මැකඩමියා ඇට, මිසෝ, පයින් ඇට, පොපි ඇට, ටැපියෝකා, ටාරෝ වැනි ඇට වර්ග, ධාන්‍ය වර්ග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

