තමන්ව ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවිමට පෙර නව ප්රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ඊයේ (02) යාපනයේදි පැවසීය.
යාපනයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි විමෙන් ඔහු මේ බව කියා සිටි අතර එහිදි වැඩිදුරටත් ශ්‍රීකාන්තා මහතා කියා සිටියේ,
‘ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතාට සහය දැක්විමේ චෝදනාව මත තමන්ටත් තවත් දෙදෙනෙකුටත් ටෙලෝ නායකයා විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බව දැනුම් දි තියෙනවා. ටෙලෝ සංවිධානයේ ලේකම් වශයෙන් තමන්ටත් යාපනයේ ලේකම්වරයා වන සිල්වෙස්ටර් විමල් රාජ් නැමැත්තාටත් එහි උපලේකම් එස්.ජෙගනාර් නැමැත්තාටත් එරෙහිව එම විනය පරීක්ෂණය පැවැත්වෙන බව දැනුම් දී තියෙනවා වගේම ඔවුන් ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දිමට සූදානම්.
ජනාධිපතිවරණයේදී ශිවාජිලිංගම් මහතා ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් පෙනී සිටි නිසා ඔහුට සහය දැක්වීමේ කිසිම වරදක් නැහැ. ඒ වගේම අනෙක් දෙදෙනාට එරෙහිවත් විනය පරීක්ෂණයක් පවත්වා සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ඉකුත් වීමට පෙර යාපනයේදී ප්රගතිශීලී දෙමළ සංවිධානයක් පිහිටුවා දේශපාලන කටයුතු කරගෙන යන බවද ශ්‍රී කාන්තා මහතා වැඩිදුරටත් පැවසීය.