එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයා වන රූඩි ගියුලියානි, කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
හිටපු නිව්යෝක් නගරාධිපතිවරයෙකුද වන රූඩි, මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට සහ ට්‍රම්ප්ගේ පරාජය ආපසු හැරවීමට උදව් කිරීමට රිපබ්ලිකන් ප්‍රාන්ත දේශපාලඥයන් පොළඹවා ගැනීම සඳහා මේ දිනවල රට පුරා යමින් දැඩි උත්සාහයක නිරතව සිටියේය.
කොවිඩ්-19 වෛරසය ආසාදිත ගියුලියානි වොෂිංටනයේ ජෝජ්ටවුන් විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, තවත් මූලාශ්‍රයකට අනුව ඔහු තවම රෝහලට ඇතුළත් කර නොමැති බවටද තොරතුරු වාර්තා වන බවත් රොයිටර් පුවත් සේවය පවසයි.