යාපනය මහනුවර ඒ -9 මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථය , කිලිනොච්චිය දෙසට කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
එහිදී අනතුරින් බස් රථයේ ගමන්ගත් මගියෙකු වූ යාපනයේ පදිංචි සෙල්වරාසා නගුලේෂ්වරන් නැමති 42 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇත.
අධික වේගයෙන් පැමිණ ඇති සුඛෝපභෝගී බස්රථය රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයේ පසුපසින් ගැටී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකොට ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවද පරික්ෂණ සිදු කරන මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.