වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ අද (08දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
යාපනය මහනුවර මාර්ගයේ වව්නියාව සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මාන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
එහිදී කැබ් රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තවත් අයෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ටිපර් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබිය.
අනතුර හේතුවෙන් කැබ් රථයට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද කනගරායන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.