ටුනා මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ. මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .
එම කටයුතු ආරම්භ කිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 26ක් වන අතර, එහි පළමු අදියරේ කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි අද පැවති ජලජීවි වගා ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා පිළිබඳ දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුවේදී රුපියල් මිලියන 13ක් වටිනා චෙක්පතක් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත අද (20දා) ලබා දුන්නේය.
ටූනා මත්ස්‍යයන් ඇල්ලීම සඳහා වසරකට රුපියල්මිලියන1107ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මෙහිදී සඳහන් කළ අතර, එම විශාල මුදල රට තුළ රඳවා ගැනීම සඳහා මෙම ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ.