යාපනය හින්දු විද්යාල මාර්ගයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එස්.ශ්රීධරන් මහතාගේ නිවසට ඇතුලු වූ යතුරුපැදි කල්ලියක් විසින් මන්ත්රීවරයාගේ පුතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
හින්දු විද්යාල මාර්ගයේ මන්ත්රීවරයාගේ පුතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස යතුරුපැදි කිහිපයක් ලුහුබැද ඇති අතර යතුරුපැදිය නවතා නිවසට දිවයාමට උත්සහ කිරීමේදී යතුරුපැදිවලින් පැමිණි සිව් දෙනෙකු විසින් පොලු මුගුරුවලින් ඔහුට පහරදී පලා ගොස් තිබුණි.
පහරදීම මන්ත්රීවරයාගේ නිවසේ සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරා වල සටහන් වී තිබීම හේතුවෙන් ඒ ඔස්සේ පරික්ෂණ ඇරඹූ යාපනය පොලීසිය විසින් පහරදීමට සමබන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (27දා) දින අත්අඩංගුවට ගනු ලැබීය.
මන්ත්රීවරයාගේ පුතාට සුලු තුවාල පමණක් සදුව ඇති අතර පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම පහරදීම සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පළ කර සිටියි.