අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ තම සිර දඩුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඊයේ දිනයේදී යළිත් බන්ධනාගාර ගත කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද කොළඹ මහාධිකරණයට රැගෙන ආවේය.
උන්වහන්සේට සිරකරුවන්ට ලබාදෙන ඇඳුම් ලබා දී තිබුණි. කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙසේ උන්වහන්සේ බන්ධනාගාරයට රැගෙන ආවේය.
