www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැණවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය මාස 06ක කාලයකදී ගෙවීයන පරිදි ක්රීයාත්මක කිරීමට හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14දා) නියෝග කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට බන්ධනාගාර ගතකොට සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා එ්වන විට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණ අපහාස වන අයුරින් හැසිර එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කර තිබේ.
එම සිද්ධියට අදාළව එක්නැළිගොඩ මහත්මිය විසින් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඥානසාර හිමියන්ට මෙසේ දඬුවම් නියම කර තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd