පාස්කු ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් ඉදිරියේදී එල්ල විය හැකි බවට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය ඔස්සේ පසුගියදා සිදු කළ හෙළිදරව්ව පිළිබඳ නිසි අවධානය යොමු කර එම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලා සිටියේ.
ඉන් හෙළිදරව් කරගන්නා තොරතුරු අනුව එම ප්රහාරයන් වලක්වා ගැනීමට අවශ්‍ය සියලූ පියවර ගැනීමටත්, එවැනි ප්‍රහාරයකට සම්බන්ධ පුද්ගලයන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමටත් පියවර ගන්නා ලෙසත් පියතුමා ඉල්ලා සිටියේය.
පියතුමා මෙම ඉල්ලීම කළේ කොළඹ අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවේදීය.