බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වකුගඩුවල හටගත් ආබාධයක් හේතුවෙන් උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
උන්වහන්සේගේ උදරයේ වේදනාවක් හටගැනීම හේතුවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ රෝහලට ඇතුළත් කර තිබුණු අතර, හෙට (08දා) හෝ අනිද්දා (09දා) දිනයේදී ශල්‍යකර්මයක් සිදුකළ යුතු යැයි වෛද්‍යවරුන් පවසා තිබේ.
ඥානසාර හිමියන්ගේ උදරයේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් මීට පෙර අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගෙන තිබුණු බවත්, මෙවර උදරයේ වේදනාව උත්සන්න වූ බැවින් වහාම රෝහල කරා වැඩම කළ බවත් ඥානසාර හිමියන්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඊයේ දිනයේදී උන්වහන්සේගේ උදරය ආශ්‍රිතව ස්කෑන් පරීක්ෂණයක් කළ අතර, වකුගඩුවල ගල් හටගෙන ඇතැයි වෛද්‍යවරුන් එහිදී පැවසූ බවද ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණ බැණ වැදුණු බවට අභියාචනාධිකරණය හමුවේ විභාග කළ නඩුවේ තීන්දුව අද (08දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.