හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා.
ඔහු අද දින පැමිණ ඇත්තේ සම්පත් මනම්පේරි නමැත්තා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා බව වැඩි දුර තොරතුරු වාර්ථා වෙයි.
සම්පත් මනම්පේරි මිද්දෙණිය ප්‍රදේශයේදී 'අයිස්' (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් (Containers) දෙකක් සඟවා තබා ගැනීම සහ නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කල අයෙකි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය