මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව දීමෙන් පසු රටින් පළා ගිය ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ‘රතු නිවේදන’ නිකුත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (28) දැනුම් දුන්නේය.
නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා ඒ බව දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ පෙත්සම සලකා බැලිණි.
කාන්තා මාධ්‍ය එකමුතුව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා” ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා” නීතීපතිවරයා ඇතු`ථ පිරිසක් නම් කර ඇත”
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජූඩ් ශ්රමන්ත නමැත්තාට සමාව ප්රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මීට පෙර අවස්ථාවක තීන්දු කළේය.
ඒ අනුව ජූඩ් ශ්රමන්ත නමැත්තාට මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දුන් ජනාධිපති සමාව බල රහිත කරන කෙරුණු අතර ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා යළි ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නියම කර තිබිණී”
විත්තිකරු යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ග වලදී ඔහු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරු මත ඔහු මෙරටට පිටුවහල් කරන ලෙස නීතිපතිවරයා් සිංගප්පූරු බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකදී අදාළ පුද්ගලයා සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවද ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔහු බැංකු හරහා මූල්‍ය ගණුදෙනු කර ඇද්ද? යන්න පිලිබඳවද විමර්ශනය කරන බවද මීට පෙර අවස්ථාවකදී නීතීපතිවරයා අධිකරණයට වාර්තා කළේය.
පෙත්සම කැඳවු අවස්ාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරු වන ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අත්අඩංගුවට ගැනීම සඳහා ‘රතු නිවේදන’ නිකුත් කිරීමට අදාළ රහසිගත තොරතුරු අඩංගු කවරයක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම මීට පෙර විභාගයට ගත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම කළ යුතු යැයි සඳහන් කළේය. කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම සැප්තැම්බර් පළමුවැනිදා කැඳවන ලෙස නියම කළේය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය .