ජුලි මාසයේ පළමු දින 19 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 28 733ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංඛ්‍යාවද සමගන් මේ වසරේදී මේ දක්වා ශ්‍රි ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 440110 ක් බවද එම අධිකාරිය පවසයි.
මේ මසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් තුන බවට මේ දක්වා පත්ව ඇත්තේ එංගලන්තය, ඉන්දියාව හා ජර්මනියයි.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක බැවින් ඉදිරියේදී සංචාරක පැමිණීම්වලට මෙය තරමක බාධාවක් ඇතිකරනු ඇතැයි සංචාරක ක්ෂේත්‍ර යේ නියෝජිතයෝ පවසති.