ජුලි මාසයේ මුල් දින 23 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
ජුලි 1 සිට 23 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 104,664ක් පැමිණ ඇති අතර ජූනි සම්පූර්ණ මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 100,388ක් පැමිණ තිබුණි.
ජුලි මාසයේ මුල් සති තුන තුළ සංචාරක පැමිණීම්වල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන අතර පළමු සතියේදී 28, 711, දෙවන සතියේ 31, 903 සහ තුන්වන සතියේදී 34, 594 ලෙස සංචාරකයන් පැමිණ තිබේ.
ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය සමස්තයෙන් සියයට 17ක ප්‍රතිශතකයකි. එක්සත් රාජධානිය දෙවන විශාලතම වෙළඳපොළ ලෙස සියයට 12 ක දායකත්වයක් දක්වා ඇත. චීනය තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සියයට 7ක දායකත්වයක් ලබාදෙමිනි.