2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සසඳා බැලීමේදී සියයට 22කට ආසන්න වර්ධනයකි.
2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2024 සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 කි.