ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගෙන් ජනාධිපතිවරයාට අභියෝගයක්.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා (22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවති එම පක්ෂයෙ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කරනු ලැබීය.
වතු කම්කරුවන්ට රු.200ක වැටුප ලබා දෙන බවට ඔහු පොරොන්දුව ඉටු කලා සේම තමන් (22) දින කරන අභියෝගය ක්‍රියාවට නංවා පෙන්වන ලෙසයි ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ.
වතුකරයේ ජනාතාවගේ සැබැතතු වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරාව දැනුවත් නොකරන නිසා හැකි නම් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිළධාරින් පමණක් රැගෙන වතු නිවාස පෙළකට පැමිණ ඔවුන් ගත කරන ජීවිතය පිලිබදවන සොයා බලා ඒ පිලිබදව වතු පාලන අධිකාරියෙන් සහ වතු සමාගමෙන් කරුණු විමසන ලෙසටයි ජීවන් තොන්ඩමන් මහතා අභියෝග කරමින් කියා සිටින්නේ.
වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කල අවබෝධතා ගිවිසුම එලි දක්වන ලෙසත්, එම අවබෝධතා ගිවිසුම එලි දැක්වීමට රජය කටයුතු නොකිරිම තුලින් වතු කම්කරුවන්ට වැඩි කල වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විෂ්වාසයක් නොමැති බවයි ජිවන් තොන්ඩමන් මහතා මෙම රැස්වීමේදි කියා සිටියේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩලපිලිවෙල කමන් අගය කරන බවත්, ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාලප තරයේ හෙළා දකින බවයි ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ.
වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කලද එම ජනතාවට වතු සමාගම් විසින් ලබා දුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බවත්, මේ සදහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබා ගැනීමට අරගල කල යුතු බවයි ජීවන් කොන්ඩමන් මහතා කියා සිටියේ.
තමන් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුකු කල සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ඉදි කල නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇතැම් වතුවල නතර වී ඇති බවත්, එම නිවාස වල වැඩ කටයුතු ඉදි කර අවසන් කිරිමට රජයේ කිසිදු වැඩ පිලිවෙළක් නොමැති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා වැඩි දුරටත් කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

