ගී පද රචකයෙකු, කවියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අද (15දා) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 74 වන වියෙහි පසු වූ වීරසිංහ මහතා පසුගිය දිනවල රෝගාතුරව සිටියේය.
ඔහු කලක් ලංකාදීප කර්තෘ මණ්ඩලයේද සේවය කළේය.
ගීත 1500කට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇති ඔහු රචනා කළ ගීත අතරින් මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘, ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩීඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්‍රිකෝණයකි‘, ග්‍රේෂන් ආනන්ද ගයන‘හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘,රූකාන්ත - චන්ද්‍රලේඛා ගයන ‘සඳලේඛා‘ යන ගීත අතිශයින් ජනප්‍රිය විය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
මාලන් විදානපතිරණ