ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල දැමිම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයට විරෝධය පලකරමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් අද (21දා) බගවන්තලාව නගරයට පැමිණ උද්ඝෝෂණයේ නිරත විය.
බගවන්තලාව නගරයේ වෙලදසැල් වසා දමමින් නගර මධ්‍යයේ උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් රජයට අවධාරණය කර සිටියේ ජිවන වියදම ඉහල යාම හමුවේ තමන් ලබා ගන්නා සොච්චම් වැටුපෙන් තමන්ට ජිවත් විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජය පාලනය කරන සියළු දෙනා පාලන බලයෙන් ඉවත් වි රට කරවිය හැකි පිරිසකට පාලන බලය ලබාදෙන ලෙසයි.
වතු කම්කරුවන් ප්‍රධාන මාර්ග අවහිර කරමින් සිදු කල උද්ඝෝෂණ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.



