ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීමට දේශපාලකයන්ට ඉඩ නොතබන්න

පන්සල්, පල්ලි ඇතුළු ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් යළිත් ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීමට දේශපාලකයන්ට ඉඩ නොතබන ලෙස කථානායක කරු ජයසූරිය මහතා සර්ව ආගමික සමුළු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ජනතාවට පොරොන්දු වූ ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොදු මහත් සමාජය පෙළගැස්වීමට දායක වන ලෙසද සියලු ආගමික නායකයන්ගෙන්, ඉල්ලා සිටින බව කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කර ඇති අතර, ඒ සඳහා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.
සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන නියෝජිතයන් පෙරේදා (26දා) කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඇති අතර, එහිදී පසුගිය කාලපරිච්ඡේදය තුළ ප්රජාතන්ත්රවාදය සුරැකීමට කථානායකවරයා කටයුතු කළ ආකාරය පිළිබඳ මෙහිදී සර්ව ආගමික නායක නියෝජිතයන් සිය ප්‍රසාදය පළ කර තිබේ.
නිදහසින් පසු මෙරට දේශපාලනය පියවරෙන් පියවර ලැබූ ජයග්‍රහණ මෙන්ම පරාජයන් පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් නැවතත් ජාතිවාදී, ආගම්වාදී ප්රවණතා හිස එසවීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා දැමිය යුතු බවටත්, රටට හානිකර දේශපාලන අසමගිකම් දුරලීමට පියවර ගත යුතු බවටත් මෙම නියෝජිත සමුළුවට එක් වූ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් අවධාරණය කර ඇත. ප්රජාතන්ත්රවාදය සුරැකීමට පියවර ගත් ලෙසටම කථානායකවරයා මේ සඳහාද මූලික වියයුතු බවද එහිදී උන්වහන්සේ සඳහන් කර තිබේ.
popular news
-
Champa Friday, 28 December 2018 01:27 PM
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම දේශපාලකයන්ගේ තනි තීරණයක්. ඒකට ජනතාව කැමැත්ත දීල නැහැ. තනි පුද්ගලයෙකු අතට බලය ලබා දීම හොඳ නැහැ කියන එක නම් හේතුව, පාර්ලිමේන්තුවේ අගමැතිකම ලැබෙන දේශපාලකයා අතට තනි බලයක් දීමත් සුදුසු නැහැ. ඒ මොකොද පහුගිය අවුරුදු 4 සහ මෑත ඉතිහාසය බැලුවොත් ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට, තනතුරු වලට සහ බලය වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කරන්න ලැහැස්ති බව පෙන්වලා තියෙනව. ඒ වගේම ඕනෑම රටකට හෝ රාජ්‍ය නොවෙන ආයතනයකට පුළුවන් අගමැතිට බලපෑම් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතිත්වය මුදලට අරන්. පාර්ලිමේන්තුව කියන්නේ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් තැනක් නෙමෙයි තවදුරටත්. විධායක ජනාධිපති ධූරය තියෙන නිසා අඩු ගානේ මිනිස්සුන්ට පුළුවන් පාට පක්ෂ ගැන නොහිත තමන් කැමති කෙනෙකුට චන්දෙ දෙන්න. අනිත් එක විධායක ජනාධිපතිධූරය නොතිබෙන්න ලංකාව තාමත් LTTE ත්‍රස්තවාදයෙන් බැට කනවා. ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය අද අසමිගියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්, එකිනෙකා පරදන තරඟයෙන් පිරිණු තැනක්. විධායක ජනාධිපති ධූරයට පත් වෙන හොඳ දැක්මක් තියෙන තනි මිනිහෙකුට වුනත් ලංකාව ගොඩ ගන්න පුළුවන්. ප්‍රශ්නේ එහෙම මි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
