ශ්‍රී ලාංකේය අග්‍රගන්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියගේ දේහය හෙට (21)පෙරවරු 10 සිට අංක 30, විජයබා මාවත, නුගේගොඩ , නන්දා මාලිනී සංගීත ආශ්රමයේ තැන්පත් කෙරෙනු ඇත. ඒ ඇයගේ අවසන් කැමත් පත්‍ර යේ ඇති ආකාරයටය. දේහය වෙනත් කිසිම ස්ථානයකට රැගෙන නොයන අතර ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අද පෙවරුවේ පටන් නන්දා මාලනී සංගීත ආශ්‍රමයේදී අවස්ථාව ලැබේ.
ඇයගේ අවසන් කටයුතු සෙනසුරාදා (22)සවස 5ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන අතර එයද ඉතාමත් චාම් අයුරින් සිදු කෙරෙනු ඇත. ගුණ කතන හෝ අවමංගල්‍ය උත්සවයක් සංවිධානය නොකෙරේ. දේහය රැගත් අවමංගල්‍ය පෙරහර සෙනසුරාදා (22) සවස 3.30ට පිටත්වේ.