ජාතික රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශනය නවතා අනර්ථයක් කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. සැකකරු මහනුවර ජලාශය පාර පදිංචි වයස අවුරුදු 44 ක අයෙකි.
ජාතික රූපවාහිනී සංස්ථාවට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කියයි. කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.