ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට (National Institute of Infectious Diseases - NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිලිගැනීමක් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ජාතික බෝ වන රෝග විද්යයායතනය ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇතැයි ගුණවර්ධන මහතා කියයි.
මෙතෙක් කලක් මේ ආකාරයේ ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් තායිලන්තයේ පමණක් පිහිටා තිබූ අතර මේ වන විට එය සිය මෙහෙයුම් සිදු නොකරන නිසා ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ලෝකයේම ඉහල වැදගත්කමක් හිමිවන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.