නිවාස සෑදිමට සමාගමකට ලබාදි තිබියදි ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙනයන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කලේය.
අඩු ආදායම්ලාභි නිවාස සෑදිමේ ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල තිරණයකට අනුව පෞද්ගලික සමාගමකට ලබාදි තිබු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු බලධාරින්ගේ උපදෙස් මත පවරා ගැනිමට එරෙහිව අදාළ පෞද්ගලික සමාගම ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනිමට අවසර ලබා දෙමින් අධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කෙරෙණි.