ජාතික ජනබලවේගයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 26 වැනිදා කොළඹදී එළිදක්වන බව එම බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.
මීට අමතරව ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටස් වශයෙන් එළිදැක්වීම යටතේ අද (21දා) ආර්ථික ප්‍රතිපත්තිය කොළඹ පදනම් ආයතනයේදීත්, කෘෂිකර්ම ප්‍රතිපත්තිය හෙට (22දා) දින පේරාදෙණිය තානායමේදීත් එළිදක්වන බවද ඒ මහතා පවසා සිටියේය.
ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව, ජාතික ආරක්ෂාව, ආර්ථිකය ඇතුළු සියලු කරුණු ඇතුළත්ව තිබෙන බවත්, ප්‍රතිපත්තිය එළිදැක්වූ පසු කුඩාපත්රයකට එය ඇතුළත් කර ජනතාව අතර බෙදාහරින බවත් අනුර කරුණාතිලක මහතා පැවසීය.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතා රැලි පැවැත්වීමට අමතරව නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ මස 26 වැනිදායින් පසු ආරම්භ කරන බවද 'අද' කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේය.
